රට එක්සත් කිරීමෙහි නියැලී සිටින තායිවාන දේශපාලන පක්ෂ නැන්සි පෙලෝසිගේ සංචාරයට විරෝධතාව පළකරයි
2022-08-03 16:59:15
Share with:

ඊනියා "තායිවාන ස්වාධීනත්වයට" එරෙහිව රට එක්සත් කිරීමෙහි නියැලී සිටින තායිවාන ප්‍රදේශයේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්  ඇමරිකානු කොංග්‍රසයේ කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීමට විරෝධතාව පළකරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු භාර කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang පවසයි.  

සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නොසන්සුන්තා ඇවිස්සීමේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නැන්සි පෙලෝසි පෙනීසිටින බව පවසන ඔවුහු, තායිවාන ප්‍රදේශයේ නායිකාව සහ එහි පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීන් බාහිර බලවේග සමඟ සම්බන්ධතා පවත්වමින්, හිතාමතාම ගැටුම් වැඩිවන ලෙස ප්‍රකෝපකාරීව හැසිරීම හෙළාදකිති.   රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනීසිටින ඔවුන්ගේ අදහස් අවංකව පසසන බවත්, සපුරා අගයන බවත් Ma Xiaoguang මහතා පැවසීය .

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම