චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන්ට නිසැක දඬුවම් හිමිවනු ඇත-- චීන විදේශ ඇමති
2022-08-03 15:11:35
Share with:

Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම විකට ක්‍රියාවක් වන අතර, චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයට දඬුවම් ලැබෙනු ඇති බව චීන විදේශ ඇමති වං යී මහතා පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා අද (3) කාම්බෝජයේ පැවති ආසියාන් සංගම් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ මේ බව පැවසීය.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම "සැබෑ විකට නාට්‍යයක්" වන බවත්, ගින්දර සමඟ සෙල්ලම් කරන්නන් හොඳ අවසානයකට පැමිණෙන්නේ නැති බවත් හෙතෙම පෙන්වාදෙයි. එසේම, චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අයට නිසැකවම දඬුවම් ලැබෙනු ඇති බවත් වං යී මහතා එහිදී අවධාරණය කළේය.

මෙවැනි විකෘති ක්‍රියාවන්ගෙන් එකම චීනය යන ජාත්‍යන්තර සම්මුතිය කිසිසේත්ම නොබිඳෙන අතර, තායිවානය මව්බිමට එක්වීම යන ඓතිහාසික ප්‍රවණතාව වෙනස් නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම