එක්ව අභියෝගවලට මුහුණදෙමින් රට ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනපති ඉල්ලා සිටී
2022-08-03 17:19:19
Share with:

එකට එක්වී අභියෝගවලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ කාර්යය සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද (3) විවෘත කරමිනි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ, ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටත්, ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේ 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාව වනවිට පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවයි.

සාමකාමී ලෙස අරගල කිරීමේ අයිතිවාසිකම් තමා පිළිගන්නා බවත්, ඔවුන්ට  අගතියක් වීමට ඉඩ නොතබන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. සිදුකළ යුතු සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ තීරණය කිරීම උදෙසා ජන සභාවක් ස්ථාපනයට පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටී.  ඉදිරි ජාතික, ආර්ථික ප්‍රතිපත්ති රැසක් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විග්‍රහ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම