එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව Shanghai සහයෝගිතා සංවිධානය කියයි
2022-08-03 16:23:59
Share with:

එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව Shanghai සහයෝගිතා සංවිධානය කියාසිටී.

Nancy Pelosiගේ චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය පිළිබඳව අදහස් දක්වමින්, එම සංවිධානයේ මහලේකම් Zhangming මහතා අද(03) මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු පවසන්නේ එකම චීනය යන මූලධර්මය යනු ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවක් මෙන් ම ජාත්‍යන්තර සබඳතාව සඳහා වන ප්‍රධාන රෙගුලාසියක් බවයි. කිසියම් බාහිර බලවේගයක් Shanghai සහයෝගිතා සංවිධානයට අයත් සාමාජික රටක අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑමක් එල්ලකරන්නේ නම් එම සංවිධානය ඊට තරයේ ම විරුද්ධ වෙයි. එසේම, තම සාමාජික රටවල ඒකීය භාවය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීමට Shanghai සහයෝගිතා සංවිධානය අනුබලය සපයයි. මේ පිළිබඳ සහයෝගිතා තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් කලාපීය සාමය, ආරක්ෂාව හා ස්ථායිතාව සහතික කිරීමට එම සංවිධානය පෙනී සිටින බව ද Zhangming මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම