නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ දැඩි විරෝධය
2022-08-03 12:30:43
Share with:

නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන්, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව නිවේදනයක් නිකුත් කරයි.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු ප්‍රකාශකයා එම නිවේදනය නිකුත් කර ඇත. චීනයේ දැඩි විරෝධය නොතකා නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම, එකම චීනය ප්‍රතිපත්තිය හා චීන- ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන දරුණු ලෙස උල්ලංඝනය කිරීමකි. චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව උල්ලංඝනය කළ එම ක්‍රියාව, චීන-ඇමරිකා සමිබන්ධතාවේ දේශපාලන පදනමට දැඩි පහරක් එල්ල කළ බව එම නිවේදනයේ සඳහන් වේ. එය තායිවාන බෙදුම්වාදී බලවේගයට වැරදි සංඥාවක් නිකුත් කර ඇත. ඊට දැඩි ලෙස විරුද්ධ වන චීන ජාතික මහජන කොංග්‍රසය එය තරයේ හෙළා දකින බව අවධාරණය කරයි.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් වන අතර තායිවානය චීනයේ වෙන් කළ නොහැකි කොටසකි. චීන මහජන සමූහාණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල ආණ්ඩුවයි. එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය චීන- ඇමරිකා රාජ්‍යතන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ  මූලිකම මෙන්ම චීන- ඇමරිකා සබඳතාවේ දේශපාලන පදනමය.තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට නිල ප්‍රතිඥාව ලබා දී තිබේ.එහෙත් ක්‍රියාවන් තුළින් ඇමරිකාව තායිවානය අතර නිල සබඳතා අඛණ්ඩව ඉහළ නංවා ඇති අතර “තායිවාන ස්වාධීනත්ව”බලවේගයට අයුතු ලෙස සහය දක්වා ඇත.තායිවානය ප්‍රයෝජනයට ගනිමින් චීනයට බාධා කරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපයේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතල හානි සිදු කර ඇත. චීන රජය සහ ජනතාව තීරණාත්මක සහ ඵලදායී පියවර යොදා ගෙන සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ අධිෂ්ඨානශීලීව ආරක්ෂා කර ගැනීම ස්ථිරව සහතික කරනු ඇති බවද එහිදී ප්‍රකාශ කෙරිණ.

තායිවාන කටයුතු චීනයේ ස්වාධිපත්‍යය මෙන්ම භෞමික අඛණ්ඩතාව  හා සම්බන්ධය.චීනය ඊට කිසි විටෙකත් පසුබට නොවේ. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම, “තායිවාන ස්වාධීනත්ව” බෙදුම්වාදී බලවේගය පරාජය කිරීම, බාහිර බලවේගයන් තායිවාන කටයුතුවලට මැදිහත්වීම වැළැක්වීම යන වැදගත් කටයුතු පිළිබඳව චීනයේ බෙදීම් විරෝධී නීතියෙහි පැහැදිලිව නියම කර තිබේ. චීන රජය හා ජනතාව තායිවාන කටයුතු පිළිබඳ දරන මතය වෙනස් නොවේ. චීන ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව බිලියන 1.4ක චීන ජනතාවගේ දැඩි අධිෂ්ඨානයයි.චීනය එක්සත්කරණය හා ජාතික පුනරුත්ථාපනයට බාධා කරන කවර හෝ උත්සාහයක් පරාජය වනු ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම