සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ
2022-08-03 15:54:59
Share with:

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සාකච්ඡා වට කිහිපයක් අද (3) දිනයේත් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය හා ජාතික කොංග්‍රසය ඇතුළු පක්ෂවල නායකයෝ සහ සාමාජිකයෝ මීට සහභාගි වූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියේය.

මීට අමතරව, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ද  ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම