Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ දැඩි විරෝධය
2022-08-03 12:17:48
Share with:

Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම, තායිවාන බෙදුම්විදීන් හා ඇමරිකාව අතර සම්මත විරෝධී සබඳතා ඉහළ මට්ටමකට යොමු වීමක් වන අතර එය ඉතා භයානක යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය ඊට දැඩි විරෝධය දක්වමින් ඊයේ (2) මේ බව නිවේදනය කර තිබේ.

එකම චීන මූලධර්මය පොදු එකඟතාවට ලක්වන ජාත්‍යන්තර සම්බන්ධතාවේ මූලධර්මයකි. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඒ සඳහා බාහිර මැදිහත්විමවලට කිසිදු ඉඩක් නොමැත. ඇමරිකානු රජය තායිවාන ප්‍රශ්නය පිළිබඳව බොහෝ වරක් වැරදි ප්‍රකාශ නිකුත් කර ඇති අතර නුසුදුසු මැදිහත්වීම් පුළුල් කර ඇත. වත්මන් ඇමරිකා රජය පෙර රජයේ වැරදි නිවැරදි නොකර තවදුරටත් මැදිහත්වීම් සිදු කරමින් තායිවාන ප්‍රශ්නය ගෝලීයකරණය කිරීමට උත්සාහ දරයි.

තායිවාන බෙදුම්වාදී බලවේගය චීනයේ එක්සත්කරණයේ විශාලතම බාධාවය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බෙදුම්වාදී ක්‍රියා තායිවාන ජනතාවට ගෙන දෙන්නේ දැඩි හානි පමණි.

එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන අනුගමනය කරමින් වැරදි මාවතේ නොයන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බෙදුම්වාදී කුමන්ත්‍රණයන් අත් හැරිය යුතුය. ඕනෑම බෙදුම්වාදී ක්‍රියාවක් චීන ජනතාව පරාජය කරනු ඇතැයි ද චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම