කාම්බෝජ රජු හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2022-08-03 20:19:50
Share with:

කාම්බෝජ රජු Norodom Sihamoni, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමුවෙයි. හමුව Phnom Penh නුවර දී අද(03) පැවැත්විණ.

Norodom Sihamoni රජු එහිදී සඳහන් කළේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණු ‍ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුමට කාම්බෝජය පූර්ණ වශයෙන් එකඟ වන බවයි. එකම චීනය මූලධර්මයට කාම්බෝජය අඛණ්ඩ ව අනුබල සපයන බව ද හෙතෙම කියා සිටී.

කාම්බෝජය එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ පැසසුමට ලක්විය. මෙම මූලධර්මය බිඳදැමීමේ කිසියම් ක්‍රියාවක් ජගත් ප්‍රජාවේ එකඟතාවට පටහැණි ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව ද හෙතෙම අවධාරණය කළේය. මෙය කලාපීය හා චීනයේ තායිවාන ප්‍රදේශයේ සාමය වනසා දැමීමකි. එසේම එය ජගත් ප්‍රජාවේ පොදු හෙළාදැකීමට ලක් විය යුතු ය.

මේ අතර, කාම්බෝජයේ අවශ්‍යතා අනුව, එරට සමාජ සංවර්ධනයට චීනය උපරිම සහය ලබා දෙන බව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම