2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ ක්‍රීඩා සේවා අංශය සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීම අවසන්
2022-08-02 17:02:11
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ ක්‍රීඩා සේවා අංශය සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීම අවසන් වේ.

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ කර්මාන්ත ක්ෂේත්‍ර 9 ට ඇතුළත් වන ක්‍රීඩා සේවා අංශයේ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට 5වැනිදා දක්වා බෙයිජිංහි දී පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ව්‍යාපාර හා ආයතන 121ක් මාර්ගගත නොවන ආකාරයෙන් එම ප්‍රදර්ශනයට සහභාගි වීමට අපේක්ෂා කරයි. අදාළ ලියාපදිංචි කිරීම සම්පූර්ණ කිරීමේ අනුපාතය 100% ළඟා වී ඇත. මේ වන විට, ප්‍රදර්ශනයෙහි ක්‍රීඩා, සංස්කෘතික හා සංචාරක, ක්‍රීඩා තරඟ ඉසව් IP සහ පුහුණු සේවා යනාදී ක්ෂේත්‍රවල ව්‍යාපෘති ගණනාවක්, ක්‍රීඩා සේවා අංශයේ අත්සන් තබා ඇත. ගිවිසුම්ගත මුදල යුවාන් බිලියන 5.35 ක් දක්වා ළඟා වී තිබීම ද කැපීපෙනේ.

ප්‍රදර්ශනය අතරතුර, ක්‍රීඩා සේවා අංශය මගින් 2022 චීන ක්‍රීඩා සේවා වෙළඳ සංවර්ධන වාර්තාව සහ 2022 චීන අයිස් සහ හිම කර්මාන්ත සංවර්ධන පර්යේෂණ වාර්තාව ඇතුළු නවතම කර්මාන්ත පර්යේෂණ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම