ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා සංවිධාන නායකයා මරුට
2022-08-02 09:52:17
Share with:

අල්-කයිඩා සංවිධානයේ නායක Ayman al-Zawahiri ඝාතනය කළ බව ඇමරිකා ජනාධිපති Joe Biden මහතා ඊයේ (1) නිවේදනය කළේය.

ඇමරිකා හමුදා පසුගිය සෙනසුරාදා (30) ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි අල්-කයිඩා ඉලක්කයකට එරෙහිව සාර්ථකව සිදු කළ ‍ඩ්‍රෝන ප්‍රහාරයකින් එම නායක‍යා මරණයට පත්ව තිබේ.

Ayman al-Zawahiri 1998 වසරේදී Osama bin Laden ගේ නායකත්වයෙන් යුත් අල්-කයිඩා සංවිධානයට එක්ව තිබේ. Ayman al-Zawahiri අල්-කයිඩා සංවිධානයේ "ප්‍රධාන උපායමාර්ගික සැලසුම්කරු" ලෙසටත්, ත්‍රස්තවාදී ප්‍රහාරවලින් විශාල ප්‍රමාණයක මූලිකම සැලසුම්කරු ලෙසටත් හැඳින්වේ. 1998 වසරේදී ටැන්සානියාවේ සහ කෙන්යාවේ ඇමරිකා තානාපති කාර්යාලවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ 2001 වසරේදී ලෝකය කම්පනයට පත් කළ 9/11 ත්‍රස්ත ප්‍රහාරය ද ඊට ඇතුළත් ය. Osama bin Laden ඝතනයෙන් පසු 2011 ජුනි මාසයේදී Ayman al-Zawahiri අල් කයිඩා නායකයා ලෙසට පත්විය.

මේ අතර ඇෆ්ගන් අන්තර්වාර රජයේ ප්‍රකාශක Zabihullah Mujahid මහතා ඇෆ්ගනිස්ථානයේ අගනරගයට එල්ලවූ ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයක් හෙළා දුටුවේය. එහෙත් මතු සඳහන් ප්‍රහාර ද හෙතෙම සනාථ කර නොමැත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම