විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමිවන තීරුබදු සහන ඉහළට
2022-08-02 16:06:30
Share with:

නීත්‍යනුකූලව මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමි වන තීරු බදු සහන ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වේ.

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස, විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට ගෙන එනු ලබන ප්‍රේෂණ වැඩිකිරීම සඳහා මෙම දිරිගැන්වීම සිදුකෙරේ.

ඒ අනුව, විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ දී අතිරේක තීරු බදු සහන දීමනාවක් හා විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිල දී ගැනීම සඳහා පහසුකම් ද හිමිවනු ඇත. විදෙස්ගතව සිටි කාලය සහ එම කාලය තුළ පිළිගත් බැංකුවක් මගින් මෙරටට එවා ඇති අමෙරිකානු ඩොලර් ප්‍රමාණය අනුව තීරුබදු සහන ලබාදීමට නියමිතයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ ක්‍රමවේදය පිළිබඳ විග්‍රහ කළේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2)  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම