කථාවෙන් නොව ක්‍රියාවෙන් පරිසරය ආරක්ෂා කළ යුතුයි!
2022-08-02 11:03:43
Share with:

චීනය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සාධනීය පියවර රැසක් ගනිමින් සිටින බව පරිසරවේදී සාලිය අනුරාධ මහතා පවසයි. චීනය මෑතකදී ඉදිරිපත් කළ“කාර්මික ක්ෂේත්‍රයේ කාබන් උපරිම ක්‍රියාකාරීත්ව සැලැස්ම “ ඒ සඳහා වන නවමු ප්‍රවේශයක් බව හෙතෙම කියා සිටී.

එම සැලැස්මට අනුව, 2025 වන විට නියම කළ පරිමාණයට වඩා වැඩි කර්මාන්තවල එකතු කළ අගය තුළ බලශක්ති පරිභෝජනය 2020 වසරට සාපේක්ෂව 13.5% කින් අඩු කිරීමට චීනය සැලසුම් කර තිබේ. ප්‍රධාන කර්මාන්තවල කාබන් ඩයොක්සයිඩ් විමෝචන තීව්‍රතාව කැපී පෙනෙන ලෙස පහළ දැමීමට එය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් බටහිර රටවල් වාචිකව ප්‍රතිඥා දුන්න ද චීනය ප්‍රායෝගික වශයෙන් ඒ සඳහා උත්සාහයක් ගන්නා බව මෙවැනි ඉලක්කයන් තුළින් පැහැදිලි වන බව හෙතෙම කියා සිටී. දේශගුණ උණුසුම් වීමෙන් ආන්තික කාලගුණ තත්ත්වයන්හී වර්ධනයක් මෙන්ම ග්ලැසියර දියවී මුහුදු මට්ටම ඉහළ යාමෙන් දූපත් රාජ්‍යයන්ට දීර්ඝ කාලීන අවදානමකට මුහුණ දීමට සිදුව ඇත. එවන් අවදානම් අනාගතයකට පෙර කාබන් විමෝචනය අඩු කිරීමට සියළු රටවල් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බවද පරිසරවේදී සාලිය අනුරාධ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම