ජනපතිට පාකිස්ථාන ජනපතිගෙන් සුබ පැතුම්
2022-08-02 16:19:15
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මහතා  සුබපැතුම් පිරිනමයි.

ජනාධිපතිවරයා වෙත ඊයේ (01)  සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව, පවතින ආර්ථික අභියෝග ජය ගනු ඇති බව පවසන පාකිස්ථාන ජනාධිපතිවරයා  ඉදිරියේ දී දෙරට අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම