චීන විදේශ අමාත්‍යවරයා නැගෙනහිර ආසියානු සහයෝගීතාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම් මාලාවකට එක්වෙයි
2022-08-02 18:47:13
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා නැගෙනහිර ආසියාවේ සහයෝගීතාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම් මාලාවකට සහභාගි වෙයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා HuaChunYing මහත්මිය නිවේදනය කළේ,   අගෝස්තු 3 වැනිදා සිට 5 වැනිදා දක්වා කාම්බෝජයේ phnom penh හිදී පැවැත්වීමට නියමිත චීන- ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, ආසියන් රටවල හා චීන, ජපාන, දකුණු කොරියානු  විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, ආසියා සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම මෙන් ම ආසියානු කලාපීය සාකච්ඡා සභාවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා වං යී මහතා  සහභාගි වන බවයි.

කාම්බෝජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව වං යී මහතා කාම්බෝජයේ සංචාරයක නිරත වීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම