චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය මේ මස අගදී බෙයිජිං හිදී
2022-08-02 10:01:54
Share with:

2022 වසරේ චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය මේ මස අගදී බෙයිජිං හිදී ඇරඹේ.

චීන වාණිජ අමාත්‍යංශය හා බෙයිජිං නගරය විසින් ඒකාබද්ධව සංවිධානය කරන එම ප්‍රදර්ශනය මේ මස 31 වනදා සිට ලබන මස 5වනදා දක්වා බෙයිජිං නගරයේ පිහිටි චීන ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය හා Shougang උද්‍යානය යන ස්ථානවල පැවැත්වීමට නියමිතය.මෙවර ප්‍රදර්ශනය“සංයුක්තිය හා විශේෂ තේමා සහිත”මෙන්ම “මාර්ගගත හා මාර්ගගත නොවන”යන ආකාරයෙන් අඛණ්ඩව සංවිධාන කෙරේ.

“සේවා කර්මාන්ත සහයෝගිතාව මගින් සංවර්ධනය තහවුරු කර හරිත නවොත්පාදනය මගින් අනාගතය උදා කිරීම”මෙවර චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවයි.

මේ වනවිට, ලෝකයේ රටවල් 65ක හා ජගත් සංවිධාන ජාතික නම් හෝ මූලස්ථාන නම් භාවිත කරමින් මාර්ගග හා මාර්ගගත නොවන ආකාරයෙන් එම ප්‍රදර්ශනයට සහභාගිවීම තහවුරු කර ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය, ලෝක කාලගුණ සංවිධානය යන ජගත් සංවිධාන ප්‍රදර්ශනයට එක්වී සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට නියමිතය. මෙවර චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයට එක්වීම සඳහා සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රටවල් හා ප්‍රදේශ 30ක්, ලෝකයේ විශාලතම ව්‍යවසායන් 500ක් සහ ඒ ඒ කර්මාන්තවල ප්‍රමුඛ පෙළේ ව්‍යවසායන්ට ආරාධනා කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම