තම විරෝධතාව නොතකා නැන්සි පෙලෝසි චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළාදකී
2022-08-02 23:47:03
Share with:

ඇමරිකානු කොංග්‍රසයේ කතානායිකා නැන්සි පෙලොසි චීනයේ දැඩි විරෝධතාව නොතකා, චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළා දකී. චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටී. චීනයේ විරෝධතාව නොතකා නැන්සි පෙලොසි  චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමෙන්  එකම චීනය ප්‍රතිපත්තිය සහ චීන ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය  කර ඇත. එසේම, චීන-ඇමරිකානු සමිබන්ධතාවේ දේශපාලන පදනමට දැඩි පහරක් එල්ල කරන මෙම සංචාරය  චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව උල්ලංඝනය  කළ බව එම නිවේදනයෙහි සඳහන් වේ .තායිවාන සමුද්‍රසන්ධි දෙපස සාමය සහ ස්ථාවරත්වය  කඩාකප්පල් කරන එම ක්‍රියාව මගින් තායිවාන බෙදුම්වාදි බලවේගයට වැරදි සංඥාවක් නිකුත් කර ඇත. ඊට දැඩි ලෙස විරුද්ධ වන චීන පාර්ශ්වය එය තරයේ හෙළා දකී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම