ඇමරිකාව හා ජපානය ආර්ථිකයත් වෙළඳාමත් දේශපාලනීකරණයට ලක් නොකළ යුතු බව චීනය කියයි
2022-08-01 19:26:52
Share with:

ඇමරිකාව සහ ජපානය ආර්ථිකයත් වෙළඳාමත් දේශපාලනීකරණයට ලක් නොකළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා, අද(01) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

ආර්ථිකය, වෙළඳාම, තාක්ෂණය හා විද්‍යාව පිළිබඳ කරුණු දේශපාලනීකරණයටත්, ආයුධකරණයටත් ලක් නොකළ යුතු අතර සියලු දේ ආරක්ෂාව හා සම්බන්ධ කර නොගන්නැයි චීනය ඇමරිකාවෙන් හා ජපානයෙන් ඉල්ලයි. සහයෝගය හා සංවාදයේ මුවාවෙන් බෙදීම් හා ගැටුම් ඇති නොකළ යුතු බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken, වාණිජ ලේකම් Gina Raimondo, ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ එරට ආර්ථිකය, වෙළඳාම හා කර්මාන්ත පිළිබඳ අමාත්‍ය Kōichi Hagiuda යන මහත්ම මහත්මීහු පසුගිය 29වැනි දා සංවාදයකට එක්වූහ. චීනය සහ එරට බලහත්කාර ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව Antony Blinken මහතා පැවසීය. චීන ආර්ථික ප්‍රතිපත්තීන්, විවෘතභාවයෙන් හා සහභාගීත්වයෙන් යුතු රෙගුලාසි සහිත ජාත්‍යන්තර ආර්ථික පද්ධතියට පටහැණි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම