වසර 20 කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්
2022-08-01 14:56:25
Share with:

වසර 20 කට පසු මෙරට වෙළඳ ශේෂයේ අතිරික්තයක් වාර්තා වී ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් ජූනි මාසයේ මෙම අගය වාර්තා වී ඇත. එම කාලය තුළ මෙරට අපනයන ආදායම ඉහළ යාමත්, ආනයන වියදම අඛණ්ඩව පහත වැටීමත් මෙම වෙළඳ ශේෂ අතිරික්තයට හේතු වී ඇත.

2002 වසරේ අගෝස්තු මාසයෙන් පසු වෙළඳ ශේෂ අතිරික්තයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඉන්ධන හිඟය, ප්‍රවාහන දුෂ්කරතා තිබියදී පවා සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම්වල ද ඉකුත් ජුනි මාසයේ වැඩිවීමක් පෙන්නුම්කර තිබේ. විදේශ විනිමය ගනුදෙනුවල වර්ධනයක් ද පවතින අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩිවීම ඊට හේතුවයි.

රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාව මුහුණදෙන දුෂ්කරතා පිටුදැකීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම