චීන දුම්රිය සේවා තවදුරටත් යථා තත්ත්වයට
2022-08-01 16:40:24
Share with:

චීන දුම්රිය සේවා තවදුරටත් යථා තත්ත්වයට පත්වෙයි. ඉකුත් ජූලි මාසයේ එම තත්ත්වය තහවුරු වී ඇත.

මේ අනුව, ඉකුත් මාසයේ දුම්රිය සේවා භාවිත කළ සමස්ත මගීන් ගණන කෝටි 22.4 කි. දිනපතා එහි දළ අගය ලක්ෂ 72 ඉක්මවා ගොස් තිබේ. මෙය ජූනි මාසයට සාපේක්ෂව දෛනිකව ලක්ෂ 17ක පමණ වැඩිවීමක් වන අතර, එහි වර්ධන අනුපතය 30.9%කි.  දිනක වාර්තා වූ උපරිම මගීන් සංඛ්‍යාව ලක්ෂ 83.8කි.

එමෙන් ම, පසුගිය මාසය තුළ, භාණ්ඩ මෙට්‍රික් ‍ටොන් කෝටි 41ක් දුම්රිය මගින් ප්‍රවාහනය කරනු ලැබීය. දෛනික ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 1කෝටි 32ලක්ෂයට ළඟා වී ඇත. පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙය 12.3%ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම