Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය නොකළ යුතු බව චීනය අවධාරණය කරයි
2022-08-01 17:27:40
Share with:

කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය නොකළ යුතු බව චීනය කියයි. එවන් සංචාරයන් සිදුවුවහොත් එයින් බරපතල බලපෑම් සිදුවනු ඇතැයි ද චීනය ඇමරිකානු පාර්ශ්වයට නැවත වරක් අනතුරු අඟවා ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

Nancy Pelosi ගේ තායිවාන සංචාරයට තරයේ විරුද්ධ වන චීනය, ඒ පිළිබඳ සිය බරපතල කනස්සල්ල හා දැඩි ස්ථාවරය ඇමරිකාවට නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඇය තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කළහොත් එයින් බරපතල ප්‍රතිවිපාක සිදුවනු ඇතැයි ද Zhao Lijian මහතා  එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම