අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව ජනපති කියයි
2022-07-31 17:05:27
Share with:

සියලු දේශපාලන පක්ෂ එකතු කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීම තම අරමුණ බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා නොමදව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (30) මහනුවරදී ය.

සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ සිදුකළ යුත්තේ අතීතය පිළිබඳව වාද කිරීම නොව අනාගතය වෙනුවෙන් වැඩ කිරීම බව ද  වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම