චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සරයේ චීන ජනපතිගේ දේශනය Qiushi සඟරාවේ පළ කෙරේ
2022-07-31 16:51:58
Share with:

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කළ දේශනය ඇතුළත් ලිපියක් චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල සඟරාව වන Qiushi සඟරාවේ මෙම වස‍රේ 15 වැනි කලාපයේ පළ කෙරේ. එය හෙ‍ට ( 01) පළ කෙරෙනු ඇත.

හමුදාව ශක්තිමත් කිරීමේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය දැඩිව අනුගමනය කළ යුතු බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ හමුදා මාර්ගෝපදේශක න්‍යාය අනුගමනය කරමින් හමුදා සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් එහි දැක්වේ. යුද්ධවලට සූදානම්ව සිටීමට සැමවිටම යොමු විය යුතුය. දේශපාලනිකව හමුදාව‍ ගොඩනැංවීම, ප්‍රතිසංස්කරණ හරහා හමුදාව ශක්තිමත් කිරීම, තාක්‍ෂණයෙන් හමුදාව උත්ශ්‍රේණිගත කිරීම හා නීත්‍යනුකූලව හමුදාව පාලනය කිරීම මෙන්ම, මුළු හදවතින්ම ජනතාවට සේවය කිරීමේ මූලික අරමුණ ලෙස තබාගත යුතු බවත් එම ලිපිය පෙන්වා දෙයි.

චීන හමුදාව සැමවිටම ලෝක සාමය ආරක්ෂා කරන ශක්තිමත් බලවේගයකි. චීන හමුදාව අඛණ්ඩව ජාත්‍යන්තර හමුදා හුවමාරු සහ සහයෝගීතාවට එක් වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගෝලීය ආරක්ෂක අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙමින් චීනයේ ජාත්‍යන්තර ස්ථානයට සරිලන වගකීම් හා බැඳීම් ක්‍රියාකාරීව ඉටු කරන අතර, පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට දායක වන බව එම ලිපියේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම