ඇමරිකා කොංග්‍රස් සාමාජිකයන් ගේ බාධා කිරීම්වලට ලක්වන යුක්‍රේන ආහා‍ර ප්‍රවාහනය
2022-07-31 15:20:25
Share with:

සුරක්ෂිත ආහාර අපනයනය සඳහා වන අනිවාර්ය සූදානම් කටයුතු අවසන් කර ඇතැයි යුක්‍රේනය ප්‍රකාශ කරයි.

මේ වන විට ඒ සඳහා විවිධ පාර්ශ්ව නිසි විධිවිධාන යොදා ගන්නා තෙක් බලා සිටින බවත් වත්මන් තත්ත්වය යටතේ සරල විසඳුමක් හමු වී නොමැති බවත් යුක්‍රේන විදේශ අමාත්‍යංශය නිකුත් කළ අදාල නිවේදනය සඳහන් කරයි. 

එහෙත් ඇමරිකානු කොංග්‍රස් මහජන මන්ත්‍රී  Victoria Spartz ආහාර ගිවිසුමට බාධා කිරීමේ නිවේදනයක් සම්මත කිරීමට උත්සාහ දරමින් සිටියි. එය යුක්‍රේන ගැමියන්ටත්, අපනයනය හා ආදායම සඳහා අවශ්‍යතාව සහිත රටේ ආර්ථිකයටත් විනාශකාරී පහරක් වනවා පමණක් නොව, ගෝලීය ආහාර සුරක්ෂිතතාව ද ඉන් විනාශ විය හැකි බව ද යුක්‍රේනයේ එම නිවේදනයෙන් අවධාරණය කෙරේ.

මීට පෙර ඇමරිකානු කොංග්‍රස් මහජන මන්ත්‍රී Victoria Spartz එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතාට ලිපියක් යොමු කරමින් යුක්‍රේනයට සැලකිය යුතු ආරක්ෂාව ලැබෙන තුරු ‘යුක්‍රේන ආහාර සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම පිළිබඳ ගිවිසුම’ අත්හිටුවන ලෙස ඉල්ලීමක් කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම