ජාතික ඉන්ධන අවසර පත්‍රය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීම හෙට(1) සිට
2022-07-31 17:03:18
Share with:

ජාතික ඉන්ධන අවසර පත්‍රය දීපව්‍යාප්ත මට්ටමින් හෙට(1) සිට ක්‍රියාත්මකයි. අංක තහඩුවේ අවසන් අංකය ටෝකන් ඇතුළු ඉන්ධන නිකුත් කිරීමට මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද හෙට සිට අවලංගු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. කිව් ආර් ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමට ප්‍රමුඛත්වය හිමිවෙයි. චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන භාවිත කරන්නන්ට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකිය. නීති විරෝධි ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ ඉන්ධන ලබාදීමේදී නියමිත උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳ ඡායාරූප හෝ විඩියෝ සාක්ෂි 0742 123 123 යන වට්ස්අප් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම