කිර්ගිස්ථාන ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2022-07-31 15:12:51
Share with:

කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා සහ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමු වෙති. එම හමුව ඊයේ (3) කිර්ගිස්ථානයේ චොල්පොන්-අටා හි දී සිදුවිය.

කිර්ගිස්ථානය අඛණ්ඩව දෙරට අතර මිත්‍රත්වය වැදගත් කොට සලකන බව Sadyr Japarov මහතා එහිදී පැවසීය. චීනයේ ප්‍රධාන ප්‍රතිලාභයන්ට අදාළ කරුණු පිළිබඳව , කිර්ගිස්ථානය නොසැලී චීනය සමඟ සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. චීන- කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සමඉදි කිරීම් හී වැදගත් කොටසක් බවත්, එය කඩිනමින් ප්‍රවර්ධනය කිරීමට කිර්ගිස්ථානය බලාපොරොත්‍තු වන බවත් Sadyr Japarov මහතා කීය.

පොදු කැපකිරීම් තුළින්, දෙර‍ට සැබෑවින්ම මනා අසල්වැසින්, මිතුරන්, හවුල්කරුවන් හා ස‍හෝදරයන් බවට පත්ව ඇති බව Wang Yi මහතා එහිදී අවධාරණය කළේය. එම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සෙසු රටවල් දෙක සමඟ ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ද හෙතෙම පැවසීය. කිර්ගිස්ථානයේ සංවර්ධනය හා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවලට අනුව, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් හැකි අයුරෙන් සහාය ලබා දීමට චීනය කැමැතෙන් සිටින බව Wang Yi මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම