ගෑස් පෝලිම් අවසන්
2022-07-30 15:09:15
Share with:

ගෑස් ලබා ගැනීම සඳහා පැවති පෝලිම් අවසන් කළ බව ලිට්‍රෝ සමාගම කියයි.

ලිට්‍රෝ සමාගම මෙම මස තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බවත් දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අනාවරණය කළේය.

ලිට්‍රෝ සමාගම සියලුම ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගරය තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම