සමස්ත චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2022-07-30 18:48:45
Share with:

දේශීය හා එතෙර චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ පැවසුවේ 29වනදා හා 30වනදා බෙයිජිංහි පැවති එක්සත් පෙරමුණු කටයුතු පිළිබඳ මධ්‍යම සමුළුව අමතමිනි. වසර 2022, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එක්සත් පෙරමුණු ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමේ 100වැනි සංවත්සරය සනිටුහන් වන බව ඔහු අවධාරණය කළේය. නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙහි එල්බ සිටිමින් චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මාර්ගය මත ස්ථිරව ඉදිරියට යාම නව යුගයේ දේශප්‍රේමී එක්සත් පෙරමුණු කටයුතුවල මූලික මෙහෙවරය. ඒ සඳහා දේශප්‍රේමී හා සමාජවාදී ධජය ඉහළට ඔසවා, සාමූහිකව සැලකීම පෙරදැරි කර ගනිමින්  කාලානුරූපව හා නිර්මාණශීලිත්වයෙන් යුතුව කටයුතු කළ යුතුය.

රටේ එක්සත් පෙරමුණු කටයුතු, ජන හදවත් සමගි කරවා ශක්තිය එක්රැස් කරවීමේ දේශපාලන කාර්යභාරය ඉටු කරමින්, දේශපාලන පක්ෂ අතර සම්බන්ධතාවය, විවිධ ජන වාර්ගිකයින් අතර සම්බන්ධතාවය, ආගම් අතර සම්බන්ධතාවය, විවිධ ස්තර අතර සම්බන්ධතාවය, දේශීය හා එතෙර චීන ජාතිකයින්ගේ සම්බන්ධතාවය සුසංගතව පැවතීම ප්‍රවර්ධනය කළ යුතුය. ශක්තිමත් සමාජවාදී නවීකරණ රටක් සම්පූර්ණයෙන් ගොඩනගා ගෙන චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ඉටු කිරීමටත් දැවැන්ත බලය එක්රැස් කිරීමට දායක විය යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම