යුක්‍රේන තත්ත්වය සම්බන්ධයෙන් රුසියා විදේශ ඇමතිවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර සාකච්ඡාවක්
2022-07-30 14:56:39
Share with:

යුක්‍රේන තත්ත්වය සම්බන්ධයෙන් රුසියා විදේශ ඇමතිවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දුරකථන සංවාදයක නිරත වූ බව රුසියා වි‍දේශ අමාත්‍යංශය නිවේදනය කරයි. එහිදී රුසියාවේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් ගෙනහැර දැක්වූ රුසියා වි‍දේශ  ඇමතිවරයා දැනට ක්‍රියාත්මක විශේෂ හමුදා මෙහෙයුමේ ඉලක්ක  සහ අරමුණු සාක්ෂාත් කර ගන්නා බව අවධාරණය කළේය.ගෝලීය ආහාර සුරක්ෂිත බව  මෙන්ම ද්විපාර්ශ්වික ගැටළු සම්බන්ධයෙන් ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බව රුසියා වි‍දේශ අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම