දෙවන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක්
2022-07-30 15:23:46
Share with:

දෙවන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයේ නැරඹුම්  වාර ගණන  ලක්ෂ 3 කට ආසන්න වෙයි.

දින 6ක් පුරා පැවැත්වෙන එම ප්‍රදර්ශනය අද (30) දකුණු චීනයේ හැයි කෝ නගරයේදී නිමාවට පත්වෙයි.මෙවර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට  දෙස් විදෙස්  සන්නාම 2,800කට අධික ප්‍රමාණයක භාණ්ඩ ඉදිරිපත් කර තිබේ. තේමා සාකච්ඡා මණ්ඩප, මිලදී ගැනීමේ හමු සහ අනෙකුත් ක්‍රියාකාරකම් සිය ගණනක් ඊට අන්තර්ගත විය.

සංඛ්‍යාලේඛනවලට අනුව, මෙවර ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 61 කින් සමාගම් 1,955 ක් එක්විය. එහි ප්‍රදර්ශන කෙරුණු ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ සන්නාම ගණන 2,843 කි.

ප්‍රදර්ශනය පැවති කාලයේ නව නිෂ්පාදන එළි දැක්වීම් ඇතුළු සෙසු  ප්‍රදර්ශන ක්‍රියාකාරකම් 177 ක් සිදු කෙරුණු අතර නව නිෂ්පාදන 622 ක් එහිදී ප්‍රදර්ශනය කෙරිණ.විලාසිතා භාණ්ඩ, විලවුන්, රූපලාවාන්‍ය, ස්වර්ණාභරණ, ලෝක ප්‍රසිද්ධ වයින්, ආහාර, ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණ, ජෛව තාක්‍ෂණ, කෘත්‍රිම බුද්ධිය සහ වෙනත් ක්ෂේත්‍ර භාණ්ඩ එහිදී කැපී පෙනිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම