චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිලිපීනයේ භූමිකම්පා ව්‍යසනය සම්බන්ධයෙන් එර‍ට‍ ජනාධිපතිවරයාට ශෝක පණිවිඩයක් යොමු කරයි
2022-07-30 19:40:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිලිපීනයේ භූමිකම්පා ව්‍යසනය සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කරයි.

භූමිකම්පාවකින් පිලිපීනයේ ජීවිත හානි හා දේපළ හානි සිදු වූ බව දැන ගැනීමෙන් තමන් කම්පනයට පත් වූ බව ෂී ජින් පිං මහතා අද (30) යොමු කළ එම පණිවිඩයේ දැක්වේ. චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද විපතට පත් වූවන්ට ෂී ජින් පිං මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. එමෙන්ම විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට හෙතෙම අවංක කණගාටුව පළ කළේය. ජනාධිපති Ferdinand Marcos මහතාගේ සහ පිලිපීන රජයේ නායකත්වය යටතේ ආපදා ප්‍රදේශවල ජනතාවට ව්‍යසනයෙන් මිදී උන්හිටිතැන් නැවත ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම