වනුවාටු ජනරජයේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබපැතුම්
2022-07-29 19:18:48
Share with:

වනුවාටු ජනරජයේ නව ජනාධිපති Nikenike Vurobaravu මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

වනුවාටු ජනරජය පැසිෆික් දූපත් කලාප‍යේ චීනයේ සමීප මිතු‍‍‍රෙක්,හවුල්කරුවෙක් හා සහෝදර රාජ්‍යයක්  බව ෂී ජින් පිං මහතා අද (29) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වෙයි. ද්විපාර්ශ්වික විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය දිනේ දින ගැඹුරු වෙමින් පවතින අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ජයග්‍රහණද බහුල වෙමින් තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගතාවට එය මනා ආදර්ශයක් බවට පත්ව ඇති බව ද හෙතෙම පැවසීය.  දෙර‍ටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 40 වැනි සංවත්සරය මෙම වසරට යෙදේ. චීන-වනුවාටු සම්බන්ධතාව වැදගත් කොට සලකමින් Nikenike Vurobaravu මහතා සමඟ එම සම්බන්ධතාවට වඩා පුළුල් හා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කැමැත්තෙන් පසුවන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම