සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා
2022-07-29 18:29:27
Share with:

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වෙයි.  මුදල් අමාත්‍යංශයේ පැවති එම සාකච්ඡාවට පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූහ. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ යෝජනාවලිය වෙනුවෙන් තම පක්‍ෂය නිරතුරුව පෙනී සිටින බව තමන් එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව හමුවෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යය වෙත පැවසීය. ජාතික සභාවක් පිහිටුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, ඇමති මණ්ඩලය සීමා කිරීම ඇතුළු කරුණු එම යෝජනාවලියට ඇතුළත් වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම