රෝහල්වල කොවිඩ් වාට්ටු සූදානම් කරන ලෙසට රෝහල් ප්‍රධානීන්ට උපදෙස්
2022-07-29 18:34:56
Share with:

දින 27ක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් 1,135ක් සහ මරණ 27ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබෙන බවත් වාර්තා නොවූ ආසාදිතයන් තවත් විශාල පිරිසක් සමාජගතව සිටිය හැකි බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමත් සමඟ නැවත වතාවක් රෝහල්වල කොවිඩ් වාට්ටු සූදානම් කළ යුතු බවට රෝහල් ප්‍රධානීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණය ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිසා ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය කාලයේ තරමක් දුරට අවමව තිබූ බවත් එනමුත් මේ වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමඟ නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ද ආසාදිතයන් වැඩි වීම දක්නට ලැබෙන බවත් වෛද්‍ය ගිනිගේ මහතා කීය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම