චීන හා ඉරාන ජනාධිපතිවරුන් අතර අංශ රැසක් පිළිබඳ සාකච්ඡා
2022-07-29 20:39:55
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.

අද(29) සවස එම දුරකථන සංවාදය පැවැත්විණ.

සංකීර්ණ ජගත් තත්ත්වය හමුවේ චීනය හා ඉරානය සමගිය තහවුරු කරමින් පොදු ප්‍රතිලාභ පුළුල් කර සංවර්ධනය වෙමින් පවතින රටවල සාධාරණ අයිතීන් ආරක්ෂා කළ බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ඉරානය සමග සබඳතා උපායමාර්ගික ලෙසින් සලකන චීනය එරට සමග එක්ව අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව නව ප්‍රගතීන් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරියට මෙහෙයවීමට කැමැත්තෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කළේය.

චීනය හා ඉරානය යන දෙරට, එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින්, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන ජාත්‍යන්තර සම්බන්ධතා මූලධර්මය සහතික කළ යුතු ය. මැදපෙරදිග රටවල් සමගිව කලාපීය ආරක්ෂක ගැටළු විසඳීම සැමවිටම චීනයේ ස්ථාවරයය. එහි ජනතාවට ස්වාධීන ලෙස සිය සංවර්ධන මාර්ග ගවේෂණය කිරීමට චීනයේ අනුබලය හිමි වේ. ඉරානය සමග ෂැන්හයි සහයෝගතා සංවිධානය ඇතුළු රාමු තුළ අදහස් හුවමාරු හා සහයෝගතා ශක්තිමත් කිරීමට චීනය කැමති බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

ඉරාන චීන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථිර ලෙස පුළුල් කිරීම, ඉරානයේ නිශ්චිත රාජ්‍යතාන්ත්‍රික ප්‍රමුඛත්වය බව ඉරාන ජනාධිපතිවරයා එම සංවාදයේදී පැවසීය. ආධිපත්‍යය, ඒකපාර්ශ්වවාදය, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, ඒකපාර්ශ්වීයව සම්බාධක පැනවීම, ද්විත්ව ප්‍රමිතිය යනාදියට දෙරට ම විරුද්ධය. එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන ඉරානය, සිය කේන්ද්‍රීය ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට චීනය ගන්නා උත්සාහයන්ට අනුබල දෙයි. ජාත්‍යන්තර හා කලාපීය කටයුතු තුළදී චීනය ඉටු කරන සක්‍රීය මෙහෙවර ඉරානයේ පැසසුමට ලක් වේ. චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුමට තම රට සහාය වන බව ද ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම