ජනතාව කේන්ද්‍ර කරගත් පාලනය චීන ජනාධිපතිවරයාගේ ඒකායන අභිලාෂයයි
2022-07-29 10:13:01
Share with:

වර්තමාන ලෝක නායකයන් සමග සැසඳීමේ දී ෂී ජින් පිං ජනාධිපතිවරයා නායකත්ව ගුණාංග සහිත පරිපූර්ණ නායකයෙකු ලෙස කැපී පෙනේ. න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය එම නායකත්වය සුවිශේෂී වීම කෙරෙහි බලපා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය, බේරුවල ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලහ සුජාත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති.

ජාත්‍යන්තර සබඳතා යහපත් ලෙස පවත්වාගෙන යමින් කටයුතු කරන චීන ජනාධිපතිවරයා වඩා සුවිශේෂී වන්නේ, දූෂණය සහ වංචාව පිටුදකිමින් විනයගරුක පාලනයක් ගොඩනැගීමට උත්සාහ දැරීම නිසාය. දරිද්‍රතාවය පිටුදකිමින් රටවැසියා නගා සිටුවීම සඳහා ඔහුගේ පාලන දර්ශනය හේතු පාදක වී ඇති බව ද කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ අවධාරණය කරති.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනය, ෂී ජින් පිං චින්තනය ලෙස ලෝකයේ සම්භාවනාවට ද පාත්‍ර වී ඇත. චීන දේශපාලන ක්‍රමය නූතනත්වයට සරිලන පරිදි සකස් කොට මහජන යහපත උදෙසා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට චීනය යොමුකිරීමට සමත් විය. සිය ආර්ථික හා සමාජීය වැඩසටහන් තුළින් සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය තහවුරු කරමින් රටට පුළුල් දේශපාලන, සමාජ සහ මානවීය ප්‍රවේශයක් ලබාදීමට හෙතෙම කටයුතු කර ඇත.

සත්‍යගරුක වීම, භූමියේ ප්‍රායෝගික බව අවබෝධ කරගැනීම යන කරුණු දෙක අනුව පාලනය මෙහෙයවීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා, දේශපාලන නායකයින්ට අවධාරණය කරයි. වඩා වැදගත් තුන්වන කරුණ ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ සියලු රටවල්වලට සමාන ලෙස බලපාන නූතනත්වයට ගැළපෙන සාධකයකි. එනම් චීන සංස්කෘතිය සමග කටයුතු කිරීමට උත්සාහ කිරීමයි. එම ප්‍රයත්නයේ දී ෂී ජින් පිං ජනාධිපතිවරයා චීන ජනතාවට ගෞරවයක් එක් කළ නායකයෙකු ලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ අවධාරණය කරති.

පසුගිය දශකය තුළ චීනයේ ධනාත්මක සංවර්ධනීය ප්‍රවේශයට චීන ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනය මග පෑදූ බව නොරහසකි. ප්‍රාග්ධනය, වෙළඳපොළ කළමනාකරණය, තාක්ෂණික දැනුම මනාව භාවිත කරමින් සිය රටෙහි මානව සම්පත ද රැකගනිමින් ලෝකයේ දියුණුතම රාජ්‍යයක් බවට චීනය පත්වීමට අපේක්ෂා කෙරේ. රටෙහි සියලුම අංශයන්හි සංවර්ධනය සාක්ෂාත් කරමින් චීන ජාතිය ගෝලීය සමාජය තුළ ඔසවා තැබීමේ අභිමතාර්ථ සහිතව යහපත් පාලන ප්‍රවේශයක ෂී ජින් පිං ජනාධිපතිවරයා කටයුතු කරන බව කථිකාචාර්ය ගලහ සුජාත ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම