චීන විදේශ ආයෝජන ප්‍රමාණයේ කැපීපෙනෙන වර්ධනයක්
2022-07-29 18:49:26
Share with:

මෙම වසරේ මුල් භාගය තුළ චීන විදේශ ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 17.4කින් ඉහළ යයි.

චීන වාණිජ අමාත්‍යාංශය, මෙම වසරේ මුල් භාගයේ චීන විදේශ ආයෝජන පිළිබඳ දත්ත වාර්තාව නිකුත් කරමින් අද(29) මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, 2022 වසරේ ජනවාරි මස සිට ජූනි මස දක්වා සමස්ත චීන විදේශ ආයෝජන ප්‍රමාණය චීන යුආන් බිලියන 723.31ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.4ක වැඩිවීමකි.කර්මාන්ත අංශය සලකා බැලීමේදී , සේවා කර්මාන්තය සැබවෙන්ම භාවිත කළ විදේශ ආයෝජන ප්‍රමාණය චීන යුආන් බිලියන 537.13කි. එය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 9.2ක වැඩි වීමකි. අධි තාක්ෂණ කර්මාන්තයේ විදේශ ආයෝජන භාවිත කිරීමේ ප්‍රමාණය සියයට 33.6කින් වැඩි වී තිබේ.

 විදේශ ආයෝජන මුදල් මූලාශ්‍රය සැලකීමේදී දකුණු කොරියාව, ඇමරිකාව හා ජර්මනිය යන රටවල් තුන, චීනය වෙත ආයෝජන කර ඇති ප්‍රමාණය වෙන් වෙන් ව සියයට 37.2කින් ,සියයට 26.1කින් හා සියයට 13.9කින් වර්ධනය වී තිබෙන බව අදාළ දත්තවල දැක්වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම