චීන පෝලන්ත සබඳතා තවදුරටත් වර්ධනයට දෙරටේ ජනාධිපතිවරුන් අතර එකඟතාවක්
2022-07-29 19:36:00
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා දුරකථන සංවාදයක නිරත වෙති.

අද(29) සවස එම දුරකථන සංවාදය පැවැත්විණ.

පෝලන්තය සමග මිත්‍රත්වය අගය කරන චීනය එරට යුරෝපීය රටවල් අතරින් තම ප්‍රමුඛ සහයෝගතා හවුල්කරුවා ලෙසට සලකන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීනය පෝලන්තය සමග සමීප අදහස් හුවමාරුව පවත්වා ගෙන යමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කරමින් අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා මට්ටම අඛණ්ඩව ඉහල නංවාලීමට කැමති බව ඔහු කීය.

වඩාත් වැඩි ඉහල ගුණාංග සහිත පෝලන්ත නිෂ්පාදිත චීන වෙළඳපොලට ප්‍රවේශ වීම චීනය පිළි ගනී. චීන ව්‍යාපාර පෝලන්තයේ ආයෝජනය කිරීම ද දිරිගැන්වේ. චීන යුරෝපා සම්බන්ධතාවයේ වර්ධනයට අනුබල දෙමින් චීන යු‍රෝපා සම්බන්ධතාවයේ සමස්තය සහතික කිරීමට පෝලන්තයට සහාය විය හැකි බව අපේක්ෂා කරන්නේ යැයි ද ෂී ජින්පිං මහතා කියා සිටියි.

චීනයේ ජාත්‍යන්තර ස්ථානය හා කාර්යභාරය වැදගත් කොට සලකන පෝලන්තය චීන ව්‍යාපාර තම රටට පැමිණ ආයෝජන සහයෝගතා පැවැත්වීම පිළි ගන්නා බව පෝලන්ත ජනාධිපතිවරයා පැවසීය. මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් චීනය සමග පවත්නා සහායෝගතාව මෙන්ම යුරෝපා චීන සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමට කැපවීමට තම රට කැමති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම