Nancy Pelosi තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කළහොත් චීනයෙන් දැඩි ප්‍රති පියවර
2022-07-29 19:52:32
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi  තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කළහොත් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

එම සංචාරය සිදුවන්නේ නම්, චීන-ඇමරිකානු උසස් පෙළේ සංවාදය අඛණ්ඩව පැවැත්වීමේ අවස්ථාව සම්බන්ධයෙන් චීනයේ අදහස් කවරේ දැයි ජපාන වාර්තාකරුවෙක් අද (29) බෙයිජිංහි පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් නැගීය. ඊට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා මේ බව පැවසීය. ඊයේ (28) පැවති දෙර‍ටේ ජනාධිපතිවරුන්ගේ දුරකථන සංවාදයේදී ද්විපාර්ශ්වික සම්බන්ධතාව හා පොදු සැලකිල්ලට ලක්වන කරුණු පිළිබඳව අවංක හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කෙරුණු බව Zhao Lijian මහතා කීය. මෑතකදී චීනය බොහෝ වතාවක් Nancy Pelosi ගේ තායිවාන ප්‍රදේශ‍යේ සංචාරක සැලසුමට විරෝධය පළ කර ඇත. ඇමරිකාව චීනයේ පහළම සීමාවට අභියෝග කරන්නේ නම්, ඊට එරෙහිව දැඩි ප්‍රති පියවර ගනු ඇති අතර ඉන් පැන නගින සියලුම ප්‍රතිවිපාක ඇමරිකාව සම්පූර්ණයෙන්ම භාරගත යුතු බව Zhao Lijian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම