චීන හමුදාව ලෝක ප්‍රමුඛ මට්ටමේ හමුදාවක් ලෙස ගොඩනැගීම අතිශය වැදගත් බව ෂී ජින්පිං මහතා කියයි
2022-07-29 18:34:48
Share with:

නව යුගයේ, ප්‍රවීණයින් බිහිකිරීමෙන් හමුදාව සවිබල ගැන්වීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම තේමා කර ගෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 41වැනි සාමූහික අධ්‍යයන රැස්වීම පවත්වයි. චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 95වැනි සංවත්සරය නිමිති කර ගෙන එම අධ්‍යයන රැස්වීම ඊයේ(28) සවස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා එම අධ්‍යයන රැස්වීමේ මුලසුන දරමින් වැදගත් දේශනයක් සිදු කළේය.

නව යුගයේ, ප්‍රවීණයින් බිහිකිරීමෙන් හමුදාව සවිබල ගැන්වීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා, හමුදා සාමාජිකයන් ගේ හැකියාව, ගුණාංගය, සංවර්ධනය හා පාලනය සම්පූර්ණ ලෙස උත්ශ්‍රේණිගත කරමින්, නිපුණතාවන් හා ඉහල ගුණාංගය සහිත ගුණවත්, නව ආකාරයේ වෘත්තීය හමුදා ප්‍රවීණයින් පෝෂණය කළ යුතුය. එය, නව යුගයේ හමුදාව ශක්තිමත් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉලක්කය ඉටු කිරීමට ද චීන හමුදාව ලෝක ප්‍රමුඛ මට්ටමේ හමුදාවක් ලෙස ගොඩනැගීමට ද අතිශය වැදගත්කමක් හිමි වන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය.

ලෝකය දැනට විපර්යාස සපිරි යුගයකට පිවිස තිබේ. රටේ ජාතික ආරක්ෂක තත්ත්වයට  මුහුණදීමට සිදුව ඇති අස්ථිරබව හා අනිශ්චිතබව කැපී පෙනේ. ඉදිරි වසර පහ තුළ චීන හමුදා සංවර්ධනයේ කේන්ද්‍රීය මෙහෙවර වන්නේ, ‘හමුදාව ස්ථාපිත කිරීමේ සියවස් ඉලක්කය’ ඉටු කිරීමය. ඒ සඳහා, සැමවිටම සෝදිසියෙන් සිටීමේ ආකල්පය, වගකීමේ ආකල්පය, දියුණුවීමේ ආකල්පය ශක්තිමත් කර රටේ හමුදාවේ ප්‍රවීණයින් පිළිබඳ වැඩකටයුතු සම්පූර්ණ ලෙස වර්ධනය කළ යුතු යැයි ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම