ඉන්දියාවේ ප්‍රථම ස්වදේශීය ගුවන්යානා ප්‍රවාහක නෞකාව එරට නාවික හමුදාවට
2022-07-29 18:43:05
Share with:

ඉන්දියාවේ ප්‍රථම ස්වදේශීය ගුවන්යානා ප්‍රවාහක නෞකාව, එරටේ නාවික හමුදාවට භාර කෙරේ.

ඉන්දීය ජාතික ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(28) මේ බව නිවේදනයක් කරමින් ප්‍රකාශ කළේය.

‘Vikrant’ ගුවන්යානා ප්‍රවාහක නෞකාවේ සියයට 76ක් කොටස් ස්වයං නිෂ්පාදිතයන් බව එම නිවේදනය පවසයි. එය නාවික හමුදාවට භාරදීමත් සමගම ඉන්දියාවට ගුවන් යානා ප්‍රවාහක නෞකා නිර්මාණය කිරීමේ හා ගොඩනැගීමේ හැකියාව සතු රටවල් කිහිපය අතරට එක්ව තිබෙන බව ඉන් සනිටුහන් වන බව එම නිවේදනය සඳහන් කරයි.  ‘Vikrant’ ගුවන්යානා ප්‍රවාහක නෞකාව නොබෝ කළින් පසුව ‍සිය සේවා කටයුතු ආරම්භ කරනු ඇතැයි ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම