ආර්ථික කටයුතු සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ රැස්වීමක්
2022-07-28 20:04:23
Share with:

වත්මන් ආර්ථික තත්ත්වය හා ආර්ථීක කටයුතු පර්යේෂණය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වීමක් පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද(28) බෙයිජිං හිදී  පැවැත්විණ.වර්තමාන ආර්ථික තත්ත්වය පරීක්ෂා කරමින් මෙම වසරේ දෙවන භාගයේ ආර්ථීක කටයුතු එහිදී සැලැසුම් කෙරිණ.එමෙන්ම ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ නව වැනි වටයේ නිරීක්ෂණ චාරිකා පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරිණ.

මෙම වසරේ දෙවන භාගයේ ආර්ථීක කටයුතු සඳහා නව සංවර්ධන චින්තනය සම්පූර්ණයෙන් නිවැරදි ව ක්‍රියාත්මක කළ යුතු බව එම රැස්වීම අවධාරණය ක‍ළේය. නව සංවර්ධන ව්‍යුහය ගොඩනැගීම කඩිනම් කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු ය. වසංගතය වැළැක්වීමේ, ආර්ථීක ස්ථාවරත්වයේ හා සුරක්ෂිත සංවර්ධනයේ අවශ්‍යතාවන් සඳහා ආර්ථීක පුනරුත්ථාපන ප්‍රවණතාව තහවුරු කරමින් රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බවද එහිදී සඳහන් කෙරිණ.ආර්ථිකය විධිමත් පරාසයක් තුළ ක්‍රියාත්මක කරමින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට උත්සාහ දැරිය යුතු යැයි එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම