ශ්‍රී ලංකාව මුහුණ පාන අසීරුතාවන් හමුවේ ඇමරිකාව අවංකව සහාය වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය අපේක්ෂා පළ කරයි
2022-07-28 18:52:04
Share with:

ශ්‍රී ලංකාව මුහුණ පාන අසීරුතාවන් හමුවේ ඇමරිකාවට එරටට අවංකව සහාය විය හැකි බවට අපේක්ෂා කරන්නේ යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

චාඕ ලීජියන් මහතා එසේ පැවසුවේ අද(28) බෙයිජිංහි පැවති මාධ්‍යහමුවකදී මාධ්‍යවේදීන් නැගූ අදාල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. 

කාලයක් පුරා චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ප්‍රායෝගික සහයෝගතාවන් එරටේ ආර්ථික සංවර්ධනයට රුකුලක් වූ අතර එය ලාංකික ජනතාවටත් ප්‍රායෝගික වාසී ගෙන දී තිබේ. මේ අතර ඇමරිකාව ඇති කළ වෙළඳ බාධා, ගෝලීය බලශක්ති හා ආහාර මිල ඉහල යාමට හේතුවී ති‍බේ. ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉන් වඩාත් අසීරුතාවට ලක් විය. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තමා කවර කාර්යයක් සිදු කළා දැයි ඇමරිකාව සැබවින්ම ස්වයංව ප්‍රශ්ණ කර ගත යුතු යැයි ද ඔහු පැවසීය. 

ශ්‍රී ලංකාවේ විදේශ ණය ව්‍යුහය බහුවිධ වන අතර ඒ අතරින් චීනයෙන් ලබා ගත් ණය, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් හා බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ලබා ගත් ණයට බොහෝ දුරට අඩු අනුපාතයක් ගන්නා බව චාඕ ලී ජියන් මහතා කීය. චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රධාන වශයෙන් අඩු පොලි අනුපාතය හා දිගු කාලීන ගෙවීම් කාලසීමා සහිත අනුග්‍රාහී ණය වේ. ඒවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් හා ජන ජීවිතය යහපත් කිරීමට සක්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. විදේශ ණය ආපසු ගෙවීම නතර කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමෙන් පසුව, චීන මුල්‍ය සේවා ආයතන, ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පාර්ශ්වය සමග  සම්බන්ධ වී, චීනය හා සම්බන්ධ කල් පිරුණු ණය නිසි ලෙස හැසිරවීමටත් වත්මන් අසීරුතාවට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සහායවීමටත් සක්‍රීය ආකල්පයකින් කටයුතු කළ බව ද චාඕ ලීජියන් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම