ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා විදේශ සමාගම්වලට ඇරයුම්
2022-07-28 18:51:32
Share with:

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට සිය උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කෙරේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ  දැන්වීම පළ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 1,190 කින් යුත් ජාතික ජාලයක වෙළඳපොළක් පවතින අතර ඉන් 80% ක පමණ වෙළෙඳපොළ කොටසක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා ක්‍රියාත්මක වේ.

එම අභිලාෂයන් කැඳවීමෙන් පසු සංස්ථාව සතු පිරවුම්හල්වලින් කොටසක් අදාළ විදෙස් සමාගම්වලට ලබාදීමට තීරණය වී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම