අසත්‍ය කරුණු මත නිර්මාණය කෙරෙන “ෂින්ජියං පිළිබඳ වාර්තාව” ‍සම්බන්ධයෙන් දැඩි විරෝධයක්
2022-07-28 18:43:06
Share with:

අසත්‍ය කරුණු මත නිර්මාණය කෙරෙන “ෂින්ජියං පිළිබඳ වාර්තාව” නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසට චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.

මේ දක්වා, දහසකට ආසන්න ජාත්‍යන්තර හා චීනයේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ෂින්ජියං ප්‍රදේශයේ විවිධ ක්ෂේත්‍රවල සමාජ සංවිධාන එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Michelle Bachelet මහත්මිය වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. එම ඒකාබද්ධ ලිපියට අනුව, Michelle Bachelet මහත්මිය සිදු කළ චීන සංචාරයේ දී විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් සමඟ පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත් අතර, ෂින්ජියං ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් ජනතාව නීත්‍යනුකූලව සියලු මානව හිමිකම් භුක්ති විඳින අයුරු සියැසින් දැක ගත්තාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, බලය ලත් නොවන හා අසත්‍ය කරුණු මත “ෂින්ජියං පිළිබඳ වාර්තාව” නිකුත් කිරීමට සූදානම්වීම කෙරේ දැඩි ලෙස විරෝධතා පළ කරන එම ඒකාබද්ධ ලිපිය, වෛෂයිකව හා අපක්ෂපාතීව ජාත්‍යන්තර ප්‍රජාව වෙත සිය ෂින්ජියං සංචාරයේ අත්දැකීම් පැහැදිලි කරන ලෙසට Michelle Bachelet මහත්මියගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම