චීන - ඉන්දීය හමුදා අතර අණදෙන නිලධාරි මට්ටමේ 16 වන සාකච්ඡා වටය සාර්ථකයි
2022-07-28 19:47:52
Share with:

චීන - ඉන්දීය හමුදා අතර අණදෙන නිලධාරි මට්ටමේ 16 වන සාකච්ඡා වටය එකඟතා හතරකට එළඹෙයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අද (28) පැවති මාධ්‍ය හමුවේදී අදාළ සාකච්ඡා තොරතුරු පැහැදිරි කළේ ය.

වර්තමානයේ චීන -ඉන්දීය දේශසීමා මායිම් ප්‍ර‍දේශ සමස්ත වශයෙන් ස්ථාවර තත්ත්වයක පවතී.ද්විපාර්ශ්වික  හමුදා හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග මගින් අදහස් හුවමාරු අඛණ්ඩව සිදු කෙරෙන බව හෙතෙම සඳහන් කළේය. මෙවර සාකච්ඡාවේ දී එකඟතා හතරකට  එළඹිණ. පළමුව,දේශපාලන වශයෙන් දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් සැබෑ ලෙස ක්‍රියාත්මක කළ යුතුය.දෙවැන්න ,සමස්ත තත්ත්වය සලකා දෙරටේ සබඳතා පුනරුත්ථාපන ප්‍රවණතාව ඉදිරියට ගෙන යා යුතුය. තුන්වැන්න, ඵලදායිකව මතභේද පාලනය කරමින්, ගැටළුවලට විසඳුමක් සොයාදීමට පෙර දේශසීමා ප්‍රදේශයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සහතික කළ යුතු ය. සිව්වැන්න, සංවාද අඛණ්ඩව පවත්වා ගනිමින් කඩිනමින් දෙපාර්ශ්වයටම පිළි ගත හැකි විසඳුමකට එළඹීම බව Wu Qian මහතා එහිදී පැවසීය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම