ජාත්‍යන්තර ප්‍රජාව විවිධ ගැටුම් පැවති රටවල ස්වෛරීභාවයට ගරු කළ යුතු බව චීනය පවසයි
2022-07-28 16:45:01
Share with:

ජාත්‍යන්තර ප්‍රජාව විවිධ ගැටුම් පැවති රටවල ස්වෛරීභාවයට ගරු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා පවසයි.

එවැනි රටවල තිරසර සාමය හා සංවර්ධනය ඉටු කිරීම එම රටවල ස්වයං උත්සාහය මත රඳා පවතින බව Zhang Jun මහතා ඊයේ (27) පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව සහාය ලබා දිය යුත්තේ එම රටවල ඉල්ලීම්වලට අනුව බව ද හෙතෙම කීය.

එම රටවල සාමය ගොඩනැගීම සඳහා ප්‍රමාණවත් හා අනාගතයේ ලැබිය හැකි අරමුදල් මගින් සහාය ලබා දීමට චීනය අනුබල දෙන බව Zhang Jun මහතා කීය.  සාමය ගොඩනැගීමේ කටයුතු වැදගත් කොට සලකමින් ගැටුම් පවතින රටවල හා  ගැටුම් පැවති රටවල සං‍වර්ධනයට චීනය අඛණ්ඩව සහාය ලබා දී ඇති අතර, ප්‍රායෝගික පියවර මගින් තිරසර සාමය ඉටු කිරීමට දායකත්වය ලබා දෙන බව ද  Zhang Jun මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම