ලොව පුරා වාර්තා වූ මන්කිපොක්ස් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක්
2022-07-28 16:22:27
Share with:

ලොව පුරා වාර්තා වූ මන්කිපොක්ස් රෝගීන් සංඛ්‍යාව 18000 ඉක්මවයි.

ඊයේ (27) ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේය. මේ වනවිට මන්කිපොක්ස් රෝගය ලෝකයේ රටවල් හා ප්‍රදේශ 78කින් වාර්තා වී ඇත. සමස්ත රෝගීන් සංඛ්‍යාව 18000කට වඩා වැඩි බවත් බහුතර රෝගීන් යුරෝපා  රටවලින් හමුවී ඇති බවත් එම සංවිධානය පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රෝගීන්ගෙන් 70% කට වැඩි ප්‍රමාණයක් යුරෝපයෙන් වාර්තා වී ඇති අතර තවත් සියයට 25ක පිරිසක් ඇමරිකා මහාද්වීපයෙන් හමුවී ඇති බවය.සියයට 10ක් පමණ පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර මරණ පහක් වාර්තාවී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මන්කිපොක්ස් හදිසි සෞඛ්‍ය සිද්ධියක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම