චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝක මාක්ස්වාදී දේශපාලන පක්ෂ පිළිබඳ සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-28 22:13:01
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝක මාක්ස්වාදී දේශපාලන පක්ෂ පිළිබඳ සංසදයට චීන ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ ජනාධිපති ෂී ජින්පිං මහතා අද(28)  එම සුබ පැතුම් පණිවුඩය යොමු කර ඇත.

මාක්ස්වාදය අඛණ්ඩව වර්ධනය වන සහ විවෘත න්‍යායක් බව, ෂී ජින්පිං මහතා  පෙන්වා දෙයි. ප්‍රාදේශීයකරණයෙන් මුල් බැස ගන්නා එය, නවීකරණය මගින්  වඩාත් ශක්තිමත් වෙයි. විවිධ රටවල මාක්ස්වාදී පක්ෂවල වෙහෙසකර ගවේෂණ සහ ඒකාබද්ධ උත්සාහ මගින් 21 වන සියවසේ මාක්ස්වාදය අඛණ්ඩව නව ස්වරූපය හා නව දැක්මක් විදහා පාමින් දිනෙන් දින නව ජීව ශක්තියක් බිහි කර ඇතැයි හෙතෙම පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය, විවිධ රටවල මාක්ස්වාදී දේශපාලන පක්ෂ සමඟ, අදහස් හුවමාරු සහ සංවාද ශක්තිමත් කරමින් ඒ ඒ රටවල ජාතික තත්ත්වයන් මත යුගයේ ප්‍රවණතාව නිවැරදිව අවබෝධ කරගෙන මාක්ස්වාදය මනා ලෙස සංවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය. පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුළ මාක්ස්වාදයට වඩාත් ප්‍රබල චින්තනික ශක්තියක් විදහා පෑමට ඉඩ දිය යුතු  බවද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ලෝක මාක්ස්වාදී දේශපාලන පක්ෂ පිළිබඳ සංසදය, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන ලදි. රටවල් 70ක මාක්ස්වාදී දේශපාලන පක්ෂ සහ වාමාංශික දේශපාලන පක්ෂ 100ක පමණ නියෝජිතයෝ 300කට වැඩි පිරිසක් ඊට මාර්ගගතව සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම