මහාමාර්ගය හා දුම්රිය මාර්ගය ඒකාබද්ධ චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාව ඇරඹේ
2022-07-28 12:57:54
Share with:

මහාමාර්ගය හා දුම්රිය මාර්ගය ඒකාබද්ධ සේවාව යටතේ චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය නිල වශයෙන් ඇරඹේ.

රෙදි ඇතුළු භාණ්ඩ රැගත් එම දුම්රිය අද(28) ධාවනය  කෙරිණ. චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Urumqi නගරයේ සිට, උස්බෙකිස්ථාන Tashkent නගරය දක්වා එය ධාවනය වෙයි.

දුම්රිය මාර්ගය හා මහාමාර්ගය යන ද්විත්ව ක්‍රම සංයෝගයෙන් බහාලුම් ප්‍රවාහනය මෙහි විශේෂත්වයකි. ගතවන කාලය ද, ජාත්‍යන්තර දුම්රියට වඩා දින 3ත්, 5ත් අතර කාලයකින් අඩුවනු ඇත.  චීනය හා මධ්‍යම ආසියාව අතර පවතින වෙළඳ ගනුදෙනු හුවමාරුවට මින් පුළුල් පහසුකම් සැලසේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම