චීනය ආරක්ෂක හමුදා ක්ෂේත්‍රයේ ඉතිහාසගත ජයග්‍රහණ ලබා ගෙන ඇතැයි චීන ජනපති කියයි
2022-07-28 20:09:30
Share with:

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 95 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඊයේ (27) චීන මහජන විප්ලවවාදී යුද හමුදා කෞතුකාගාරයට පැමිණ එහි "පුනර්ජීවනය සඳහා ශක්තිමත් හමුදාවක් මෙහෙයවීම - නව යුගයේ ජාතිකාරක්ෂක සහ හමුදා ගොඩනැංවීමේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රදර්ශනය" නැරඹීය.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම, චීන සිහිනය සහ හමුදාව ශක්තිමත් කිරීමේ ඉලක්කය සැබෑ කිරීමට අවධානය යොමු කර ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම හමුදා කොමිසමේ නායකත්වය යටතේ සමස්ත හමුදාවම, දේශපාලනික නායකත්වය මත ගොඩනැගීම, ප්‍රතිසංස්කරණ මගින් හමුදාව ප්‍රවර්ධනය කිරීම, විද්‍යා තාක්ෂණය මගින් හමුදාව ශක්තිමත් කිරීම, ප්‍රවීණයින් බිහි කිරීමෙන් හමුදාව සවිබලගැන්වීම සහ නීතිය මත පදනම් ව යුද හමුදාව පාලනය කිරීම යන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම යුධ පුහුණු සහ යුද්ධ සඳහා සූදානම් කිරීමේ අභ්‍යාස ශක්තිමත් කර ඇත. ජාතිකාරක්ෂක සහ හමුදා ගොඩනැගීමේ කටයුතු වල ඉතිහාසගත ජයග්‍රහණ චීනය ලබා ගෙන ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම